නිලධාරියකු ව්ශ්රාම ගන්නා අවස්ථාවේදී උපරිම දින 90ක් දක්වා ඔහු හෝ ඇය 2007 වර්ෂයේ සිට ඉතිරි කරගෙන ඇති අනියම් හා විවේක නිවාඩු ප්‍රමාණය විශ්‍රාම පූර්ව නිවාඩු ලෙස ලබා දෙනු ලැබේ 2006 වර්ෂයේදී ඉතිරිකරගත් නිවාඩු වෙනුවෙන් දීමනා ලබාගෙන නොමැතිනම් එම වර්ෂයේ ඉතිරි නිවාඩුද විශ්‍රාම පූර්ව නිවාඩු ලෙස ලබාගත හැකිය
උදා:- 2020.05.01 දින විශ්‍රාම යාමට නියමිත නිලධාරියකු ඉතිරිකරගත් නිවාඩු ප්‍රමාණය දින 90 ක් හෝ දින 90 ඉක්මවන්නේ නම්
2020.02.01 සිට 2020.02.29 දක්වා දින 29
2020.03.01 සිට 2020.03.31 දක්වා දින 31
2020.04.01. සිට 2020.04.30 දක්වා දින 30
2020.02.01 සිට 2020.04.30 දක්වා විශ්‍රාම නිවාඩු 90
ඉතිරිකරගත් නිවාඩු පුමානය දින 90 කට අඩු වන්නේ නම් එම ප්‍රමාණය ව්ශ්රාම පූර්ව නිවාඩු ලෙස ලබාගත හැක
අයදුම් කිරීම
නිවාඩු ඉල්ලීමේ ලිපිය – විදුහල්පති නිර්දේශ සහිත විය යුතුය
නිවාඩු කාලයේදී රාජකාරි ආවරණය කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් රාජකාරි ආවරණය කරණු ලබන තැනැත්තා විසින් ඉදිරිපත් කරණූ ලබන ලිපිය – විදුහල්පති නිර්දේශ සහිත විය යුතුය
ඉතිරි කරගත් නිවාඩුවලට අදාල වර්ෂවල නිවාඩු විස්තර (අදාල B100 වාර්තා පෞද්ගලික ලිපිගොනුවේ පවත්න්නේ නම් අවශ්‍ය නෙවේ)